2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

උණ බලන්නත් ඩ්‍රෝන

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

I ගයාන් ගාල්ලගේ

කොවිඩ් වසංගතය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ජනගහනය අධික ප්‍රදේශ සහ ස්ථාන වල ජීවත්වන ජනතාවගේ ශරීර උෂ්ණත්වය මැනබැලීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට යුද හමුදාව සූධානම් වෙයි.

ඒ අනුව ජනගහනය වැඩිම ප්‍රදේශ සහ ස්ථානවලට ඩ්‍රෝන යානාවක් යොමුකර ඉහළ සිට ශරීර උෂ්ණත්වය මැන බලා, ඩ්‍රෝන යානාවෙන්ම ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමටත්, ඔවුන්ව හඳුනාගැනීමටත් කටයුතු කිරීමට නියමිතව ඇත.
මේ හරහා එකවර විශාල ජනතාවක් පරීක්ෂා කිරීමට හැකියාව ඇතිවන අතරම එසේම ශරීර උෂ්ණත්වය වැඩි පිරිස් වහාම සෞඛ්‍ය අංශ වෙත යොමු කිරීමටත් හැකියාව ඇතැයි සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් යුද හමුදා ඩ්‍රෝන බලකායේ අණදෙන නිලධාරී කාලතුවක්කු රෙජිමේන්තුවේ බලසේනාංකාධිපති චමිල මුණසිංහ මහතාගෙන් කරුණු විමසූ විට ඒ මහතා සඳහන් කළේ දැනටමත් අදාළ කටයුතු සිදුවන බවයි. එසේම මේ හරහා කිසිවකුගේ පෞද්ගලිකත්වයට හානියක් සිදු නොවන බවද හෙතෙම සඳහන් කළේය.