රටේ සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ප්‍රධාන අරමුණ කොට ඉදිරිපත් කළ මෙවර අයවැය මෑත කාලයේ මෙරට ඉදිරිපත් කළ අභියෝගාත්මක අයවැයක් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ජනතාව මැතිවරණවලදී ආණ්ඩුව පිළිබඳව තැබූ විශ්වාසය ඒ අයුරින්ම ඉටුකිරීමට රජය බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.
විපක්ෂය වත්මන් අයවැය ගැන කුමන අවලාද නැගුවද මෙවර අයවැය මෙරට ඉදිරිපත්කළ සාර්ථකම අයවැය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.