2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

අපි අයවැයට විරුද්ධයි - සජබ මන්ත්‍රී තිස්ස අත්තනායක

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

වර්තමාන ආණ්ඩුව ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය කිසිදු අරමුණක් නැතිව ඉදිරිපත් කළ අයවැයක් බවත් සමගි ජනබලවේගය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දේශයට කීය.

ඔහු පෙන්වා දෙන්නේ රටේ පවතින වර්තමාන තත්ත්වයට මුහුණදීම සඳහා අයවැයෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන්කර නොමැති බවය.

ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් රටේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකරන බවට ආණ්ඩුව මැතිවරණ පොරොන්දු ලබා දුන්නද අයවැයෙන් එවැනි කිසිදු ප්‍රතිලාභයක් ජනතාවට නොලැබෙනු ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.