දේශපාලන වාර්තාකරු I
විපක්ෂනායක ලේකම් ධුරයේ සිටි නවුෆාල් රහුමාන් මහතා අසනීප තත්ත්වය මත විශ්‍රාම යාම නිසා එම තනතුරට නීතිඥ රවි ජයවර්ධන මහතා පත්කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රජයට නිර්දේශ කර ඇත.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නව පත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවෙයි.