I අධිකරණ වාර්තාකරු
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සහ සිවිල් නඩු පිළිබඳ ප්‍රවීණ ජනාධිපති නීතිඥයකු වන සම්පත් මෙන්ඩිස් මහතා ප්‍රමුඛ 14 දෙනකු නව අභියාචනාධිකරණ (ඇපැල් උසාවියේ) විනිසුරු ධුරවලට නිර්දේශ කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස එහි ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන අර්ජුන ඔබේසේකර මහතා පත්කිරීමට දැනටමත් පාර්ලිමේන්තු සභා අනුමැතිය ලබාදී තිබේ.
අප වෙත ලැබී තිබෙන තහවුරු නොකළ වාර්තා අනුව එම යෝජිත නම් මෙසේය. මේනකා විජේසුන්දර මහත්මිය, ඩී.එම්. සමරකෝන්, විකුම් අතුල කළුආරච්චි, ප්‍රශාන්ත සිල්වා, ප්‍රදීප් කීර්තිසිංහ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, රත්නප්‍රිය ගුරැසිංහ, ඛේමා ස්වර්ණාධිපති, ධම්මික ගනේපොළ යන මහත්වරුන් සහ නීතිපතිවරයා විසින් නම් කරනු ලබන ජ්‍යෙෂ්ඨ නීති විශාරදයන් දෙදෙනෙක්ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙති. රජය මෙම නාමලේඛනය තාවකාලිකව සකස්කර ඇත්තේ අගවිනිසුරුගේ සහ නීතිපතිවරයාගේ නිර්දේශද සැලකිල්ලට ගනිමින් බව වැඩිදුරටත් සඳහන් වෙයි.අදාළ පත්වීම් සඳහා මෙම නාමලේඛනය පාර්ලිමේන්තු සභාවෙන් අනුමත විය යුතුය.