දේශපාලන වාර්තාකරු l
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පක්ෂය තීන්දු කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
අද හෙටම ඇයගේ පක්ෂ තහනම් කිරීමට අදාළව ලිඛිත දැනුම්දීම සිදුකරන බවත් ඉන් පසුව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කෙළේය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමේදී රජය සමඟ එක්ව ඡන්දය දුන් සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම පක්ෂවල නායකයන්ටද නිල වශයෙන් දැනුම් දී තිබේ. එම පක්ෂ අදාළ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් ගන්න විනය පියවර කවරේද යන්නත් සමගි ජනබලවේගය දැනුවත් කරන ලෙස අදාළ පක්ෂ නායකයන්ට දන්වා යවා ඇත. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු 8 දෙනකු සහාය දක්වා තිබිණි.