2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

පවිත්‍රා, එස්.එම්. මහ ඇමැති සටනට

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 308


එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ සබරගමුව පළාත් මහ ඇමැති අපේක්ෂිකාව ලෙස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කිරීමට තීරණයකර ඇතැයි දේශයට වාර්තාවෙයි. ඒ අතර උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යධූර අපේක්ෂකත්වය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාට ලබාදීමටද එම පක්ෂය තීන්දු කර තිබේ.

දැනටමත් ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් මෙම යෝජනාව අදාළ මන්ත්‍රීන් වෙත දැනුම් දී ඇත. එම පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බරයෙන් පසුව පැවැත්වීමට නියමිතය. ඊට පෙර මෙම මන්ත්‍රීන් මැතිසබයෙන් ඉවත් වී මහ ඇමැති අපේක්ෂකත්වය ලබාගනු ඇතැයි වැඩිදුරටත් වාර්තාවෙයි.

 I දේශපාලන වර්තාකරු