2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

රස්සා පන්දාහේ යෝජනාව මඟහිටී

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

තමන්ගේ අමාත්‍යංශයෙන් විවිධ සේවා කටයුතු සඳහා සමෘද්ධි නිලධාරීන් පන්දහසක් රාජ්‍ය සේවාවට බඳවා ගැනීමට විෂය භාර අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට මේ සතියේ කැබිනට් මණ්ඩලය තීන්දු කළේය.

ඇමැතිවරයාට අවශ්‍ය නම් දීප ව්‍යාප්තව වැඩිම සමෘද්ධි නිලධාරීන් 500ක් බඳවා ගන්නට අනුමැතිය ලබාදිය හැකියැයි අමාත්‍ය මණ්ඩලය එස්.බී. දිසානායක මහතාට දැනුම්දී තිබේ.

එහෙත් උතුරු නැගෙනහිර සේවා සඳහා සමෘද්ධි නිලධාරීන් වැඩිපුර යෙදවිය යුතු බැවින් ඒ ප්‍රදේශවලින් තෝරාගත් 1300 දෙනෙකුටද ඉඩලබාදිය හැකියැයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව සමෘද්ධි නිලධාරීන් 5000ක් වෙනුවට 1800ක් පත්කිරීමට ඇමැතිවරයාට අවසරය ලැබුණි. 

I සංජීවිකා සමරතුංග