
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රේල් මාසයේ රටවල් තුනක නිල චාරිකා සඳහා සහභාගිවීමට නියමිතය. අප්‍රේල් මස 12දා සිට 19 දින දක්වා ජපානය හා වියට්නාමය යන රටවලට යන අගමැතිවරයා දෙරටේ රාජ්‍ය නායකයන් මුණගැසීමට නියමිතය.
අනතුරුව අප්‍රේල් මස 25දා සිට 29දා දක්වා ඉන්දියාවේ සිව්දින චාරිකාවකටද අගමැතිවරයා එක්වෙයි. එම චාරිකාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසී ඉන්දීය ආධාර හා අනුග්‍රහය ඇතිව මෙරට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම ගැන සාකච්ඡා පැවැත්වීමට නියමිත බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.
I දේශපාලන වාර්තාකරු