2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

අශෝකට - සරත්ට ඇමැති පදවි දෙකක්

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

I දේශපාලන වාර්තාකරු

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඉදිරි දිනවලදී දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.

ඔහු ඉවත්වීමෙන් පුරප්පාඩු වන රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පත් කෙරෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 28ක් වන අතර පත්කළ හැකි උපරිම කැබිනට් අමාත්‍යවරුන් ගණන 30කි. රාජ්‍ය අමාත්‍යවරැන් 40ක් පත්කළ හැකි අතර නව පත්වීමත් සමඟ එම සංඛ්‍යාවද සම්පූර්ණ වෙයි.