ගයාන් ගාල්ලගේ l
එළඹෙන ශීත කාලයත් සමඟ කෝවිඩ් 19 වසංගතය ලොව පුරා වර්ධනය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනතුරු අඟවා ඇති නිසා මෙරට සියලු ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ලබන වසරේ ජනවාරියේදී විවෘත කිරීමට පසුගියදා රැස්වුණු මෙරට කොවිඩ් කමිටුවේදී සාකච්ඡා කර ඇත.
යම් ආකාරයකින් ඊට පෙර වසංගතය ලොව පුරා පාලනය වීමක් ඇති වී ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනුම් දීමක් කළහොත් පමණක් ජනවාරියට පෙර විවෘත කිරීමට සාකච්ඡා කර ඇති අතර එහෙත් ගුවන් තොටුපොළවල් විවෘත කිරීම ලබන ජනවාරිය දක්වා කල් දමා ඇත.
නොවැම්බර් මස සිට සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ගෙන්වීමේ අදහස කෙරෙහිද තවදුරටත් සාකච්ඡා කර තීන්දුවකට එළඹීමට කමිටුව තීරණය කර ඇතැයි සඳහන් වේ.