2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

20 න් පසු පළාත් සභා පනතේ වෙනසක් - අගමැති මහින්ද

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 193

දේශපාලන වාර්තාකරු l

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

පසුගිය රජය විසින් පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට නීතියක් සම්මත කර ඇතත් එම ඡන්ද ක්‍රමය සහ මන්ත්‍රීන් තෝරාගැනීමේ ක්‍රමවේදය ගැන බරපතළ විවේචන තිබේ. එනිසා දැනට මහ මැතිවරණ සඳහා ක්‍රියාත්මක වන සමානුපාතික ඡන්ද ක්‍රමයට පළාත් සභා ඡන්දයක් පැවැත්වීම පිණිස අදාළ සංශෝධනය ඉදිරිපත් කරන බවද ග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අප වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කොට ඡන්දයට දින නියම කෙරෙනු ඇත.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01