2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

ව්‍යවස්ථා සම්මතයට ශ්‍රීලනිපය සහාය දෙනවා - පා.ම. ශාන් විජේලාල්

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

හසිත් අංජන l

රජයේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ජ්‍යෙෂ්ඨ උප සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා පැවසීය.

ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කමිටුවක් පත්කර ඇති අතර මේ දිනවල එම කමිටුවෙහි අවධානය වඩාත් යොමුව ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳව බවය. 

20 වැනි සංශෝධනය පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුවේ වාර්තාව බොහෝ දුරට ලබන සතිය තුළදී අගමැතිවරයා වෙත ලබාදීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.