2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

ඒකීයභාවය රකින්නට මෙතරම් බලතල මොකටද? - පා.ම. චම්පික රණවක

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

හසිත් අංජන l

රටේ ඒකීය භාවය රැකගැනීම සඳහා අධික බලතල සහිත ජනාධිපති ධූරයක් තිබිය යුතුය යන මතය බොරුවක් බව ජාතික හෙළ උරුමයේ නායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ස‘ඳහන් කළේය.

20 වැනි සංශෝධනය මෙරට ක්‍රියාත්මක වුවහොත් එම නිසා සමාජයේ බලවත් විරෝධතා සහ අර්බුද ඇතිවිය හැකිය. 
ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන බල ක්ෂේත්‍ර තුනෙහිම පාලනය එක පුද්ගලයකු අතට පත්වීම අනතුරුදායක බවද හෙතෙම පැවසීය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පළමුවෙන්ම සහාය දක්වන පිරිස 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුලින්ම බැටකන පිරිස වනු ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.