ව්‍යාපාරික වාර්තාකරු l
ශ්‍රී ලංකාව සතු විදේශ වත්කම් සහ ආයෝජන වැඩිකරගෙන ණය ශ්‍රේණිය ඉහළ දමා ගැනීම සඳහා විකල්ප සැලසුමක් යටතේ වැඩකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට කීය.
පසුගියදා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන (මූඩීස්) සමාගම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දැමීම ගැන අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට එකතුවීම, චීනයේ පැන්ඩා බැඳුම්කර මගින් සහ ජපානයේ සමුරායි බැඳුම්කර මගින් මුදල් සපයා ගැනීමට මෙන්ම ඉන්දියාව හා වෙනත් පිළිගත හැකි මූලාශ්‍රවලින් අරමුදල් සම්පාදනය කර ගැනීම රජයේ අරමුණය.
ඇතැම් ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් ණය සැපයීමේදී මෙරට බදු වැඩිකිරීම, රැකියා කප්පාදු කිරීම වැනි කොන්දේසි පැනවෙන බැවින් එම ණය මූලාශ්‍රයක් සමග ගනුදෙනු කිරීම ගැන මෙතෙක් තීන්දුවක් ගෙන නැත.
බොහෝදෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනකට ගොස් ණය ශ්‍රේණිය ඉහළ දමා ගත යුතු යැයි යෝජනා කර තිබේ. එහෙත් එමගින් අරමුදල් සැපයෙන්නේ මහ බැංකුවේ මූල්‍ය සංචිතයටයි. එකවරකට ඩොලර් මිලියන 150ක පමණ මුදලක් ඉන් සැපයේ. එම විකල්පය සලකා බලන අතර ඊට වඩා වාසිදායක මූල්‍ය සම්පාදකයන්ගෙන් අරමුදල් සහ අායෝජන සපයා ගත හැකි බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතැයි ගොතන කතා දේශපාලන ප්‍රචාර බවත් මේ සතියේ අප රටින් ගෙවිය යුතු ඩොලර් බිලියන එකක (කෝටි 100) ණය මුදලක් ගෙවා දමන බවත් ඔහු අවධාරණය කළේය.