දේශපාලන වාර්තාකරු l
එ.ජා.ප.ය සහ සමගි ජනබලවේගය අතර සමගිය ඇතිකිරීමට සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සමගි ජන බලවේගය විසින් පත්කරන ලද බව එහි මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.
එ.ජා.ප.යේ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සමඟ මේ ගැන සාකච්ඡා කොට සුදුසු තීරණ ගැනීම කබීර් හෂීම් මහතාට පවරා ඇත. ඒ අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය සමග එක්වන ලෙස තමන් සිය පැරණි මිතුරන් වන එ.ජා.ප.යේ සාමාජිකත්වයට ඇරැයුම් කරන බවද මහ ලේකම් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.