දේශපාලන වාර්තාකරු l
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සහ ආණ්ඩුවේ මැති ඇමැති ධුර දරන 35 දෙනෙකු ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම මැති ඇමැතින්ගෙන් බහුතරය පසුගිය යහපාලන රජය නියෝජනය කළ හිටපු ඇමැතිවරු බවද වාර්තා වෙයි.
දූෂණය, අයථා ලෙස වත්කම් රැස් කිරීම සහ රජයේ මුදල් අවභාවිතය යන චෝදනා මෙකී මැති ඇමැති පිරිසට එල්ල වී තිබේ. යහපාලන රජය යටතේ ප්‍රබල ඇමැතිධුර දැරූ තිදෙනකුට දැනටමත් අධි චෝදනා යටතේ නඩු පවරා ඇත. එසේම වත්මන් රජය නියෝජනය කරන මැති ඇමැතීන් තිදෙනකුටද නඩු පවරා තිබේ. යහපාලන රජය කාලයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවක් නියෝජනය කළ පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයකුටද අල්ලස් දූෂණ චෝදනාවක් එල්ලකර ඇති අතර ඒ ගැනද මේ වනවිට පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තාවේ.
පසුගිය රජය කාලයේ රජයේ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් බංකොලොත් වන ආකාරයට ගනුදෙනු සිදුකළ හිටපු ඇමැතිවරැන් තිදෙනකුට දූෂණය යන වරදට අදාළව අද හෙටම නඩු පැවරීමට නියමිත බවද දැනගන්නට ඇත.