ගයාන් ගාල්ලගේ l
මින්පසුව පොලිස් සේවය සඳහා පුද්ගලයන් බඳවා ගැනීමේදී එම පවුලේ කිසියම් අයකු මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා ලබා ඇති නම් ඔවුන් පොලිස් සේවයට බඳවා නොගැනීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසීය.
අයැදුම්පත් ඉදිරිපත් කරන සියලුදෙනා සම්මුඛ පරීක්ෂණයට කැඳවීමෙන් පසුව තෝරාපත් කරගන්නා සියලුම දෙනා සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා කැඳවා එම අයැදුම්කරැවන්ගේ පවුල්වල කිසියම් හෝ අයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටින්නේ නම් සහ සිට ඇත්නම් ඔහුව හෝ ඇයව පොලිස් සේවයට බඳවා නොගැනීමට තීරණය කළ බව හෙතෙම සඳහන් කළේය.
පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරමට පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයකගේ නම් ගම් ගෑවීම නිසා මෙම තීරණය ගෙන ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.