2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

20 ගේන්නේ ජේ.ආර්.ගේ දර්ශනයට - ජවිපෙ

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 26

හසිත් අංජන l

වර්තමාන ආණ්ඩුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට තිබුණු වුවමනාවන්ට සමාන වුවමනාවන් ඉටුකිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවට හිතකර නොවන මූලික කරුණු රාශියක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇති බවය. 

මෙම ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට එල්ලවන මරුපහරක් බවත් එමගින් ජනතාව නොබෝ කාලයක් තුළදී පීඩාවට පත්වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.