2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

කුඩු ජාවාරමුන්ට අත - හිත දෙන පොලීසියේ 20ක්

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 18

I ගයාන් ගාල්ලගේ

බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාලය සමඟ ගනුදෙනු කරන, මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුව සහ වක්‍රව සම්බන්ධවී සිටින පොලිස් නිලධාරීන් විස්සකට අධික සංඛ්‍යාවක් සිටින බවට පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි පොලිස් මූලස්ථාන‍‍‍‍‍‍‍‍‍‍යේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සියලුම වාර්තා මේ වනවිටත් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අප විමසූවිට ඒ මහතා සඳහන් කරසිටියේ කිසිදු පරීක්ෂණයක් සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු ලබාදිය නොහැකි බවය. එහෙත් එවැනි මත්ද්‍රව්‍ය සහ මත්පැන් ආදි දූෂිත ක්‍රියාවල නිරතවන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු කීය.