සිංගප්පූරු රජය මගින් 2020 වසර සඳහා පිරිනමන ජාතික සම්මාන ප්‍රදානයේදී නවලෝක සමූහ ව්‍යාපාරය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාට “මහජන සේවා තරුව” සම්මානය ප්‍රදානය කර තිබේ.
ඔහු සිංගප්පූරු රාජ්‍යය නියෝජනය කරමින් කොළඹ කොන්සල් ජනරාල්වරයා ලෙසද සේවය කරයි.
මෙම සම්මානය පිරිනමමින් සිංගප්පූරැ විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා විසින් මේ වනවිටත් ජයන්ත ධර්මදාස මහතාට නිකුත් කර තිබෙන විශේෂ ලේඛනයේ සඳහන් කර ඇත්තේ 2020 වසරේ “මහජන සේවා තරුව” සම්මානය එරට කීර්තිමත් මිතුරෙකු වන ආචාර්ය ජයන්ත ධර්මදාසට පිරිනමන බවය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සිංගප්පූරුවේ 2020 ජාතික සම්මාන ප්‍රදාන උළෙල ලබන වසරට කල් දමා තිබේ. ඒ අනුව එරට ජනාධිපති කාර්යාලය නියම කරන දිනක සිංගප්පූරු ජනාධිපති හලීමා යාකොබ් මහත්මිය අතින් 2020 ජාතික සම්මාන ප්‍රදානය සිදුකිරීමට නියමිතය. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමාගම් ප්‍රධානියකුට සිංගප්පූරුවෙන් මෙවන් සම්මානයක් ලැබීම විශේෂ අවස්ථාවකි.