2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

මන්ත්‍රී 223ම වාර්තා තබති

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

හසිත් අංජන I

විවිධ දේශපාලන පක්ෂ 22ක් නියෝජනය කරමින් දැනට මැති සබයට තේරී පත්වී සිටින මන්ත්‍රීවරුන් 223 දෙනා ස්වකීය වත්මක් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත ලබා දී තිබේ.

ඔවුන්ට මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට තිබූ දින වූයේ ලබන සැප්තැම්බර් මස 06 වැනිදාය. එහෙත් ඊට සතියකට පමණ පෙර මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම වාර්තාගත සිදුවීමකි.

මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වී සිටින අපේක්ෂකයන්ට වත්කම් බැරකම් ලබාදීමට දී තිබූ කාලය සැප්තැම්බර් මස 08 වැනිදායින් අවසන් වන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පැවසීය.