2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

මනෝට-දිගාට ඉඩදී රන්ජිත්-කබීර් පස්සට යති

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

දේශපාලන වාර්තාකරු I

මනෝ ගනේෂන් හා පී. දිගම්බරම් යන පක්ෂ නායක මන්ත්‍රීන්ට මැතිසබයේ ඉදිරිපෙළ අසුන් ලබාදීම සඳහා සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් දෙපළක් වන එහි මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර හා කබීර් හෂීම් යන මහත්වරුන් මැතිසබයේ පසුපෙළ අසුන් වෙත යාමට තීරණය කර තිබේ.

මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දුන් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ තමන් සහ කබීර් හෂීම් මහතා ජ්‍යෙෂ්ඨතාව අතින් මනෝගනේෂන් හා පී. දිගම්බරම් යන මහත්වරුන්ට වඩා ඉදිරියෙන් සිටිය ද ඔවුන් පක්ෂ නායකයන් නිසා මෙම තීන්දුව ගත් බවය.

සාමාන්‍යයෙන් මැතිසබයේ ආසන පැනවීම සිදුවන්නේ මන්ත්‍රීන්ගේ ජ්‍යෙෂ්ඨතාව අනුවය. එබැවින් ජ්‍යෙෂ්ඨයන් පසුපසට ගොස් අසුන් ගැනීමක් සිදුවන්නේ ඉතාම කලාතුරකිනි.