2020 ජුලි 25 වන සෙනසුරාදා

බදු තොරු මෝරු 550ට වෙනම කාර්යාංශයක්

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

I ව්‍යාපාරික වාර්තාකරු

මෙරට මහා පරිමාණ ආදායම් බදු ගෙවන්නන් 550 වෙනුවෙන් විශේෂ බදු කාර්යාංශයක් ආරම්භ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මහා පරිමාණ බදු ගෙවන්නන්ගෙන් විධිමත් ලෙස බදු අය කිරීමටත් ඔවුන්ගේ බදු විගණනයටත් මෙම අංශය උපයෝගී කරගනු ඇති බව වාර්තා වෙයි.

රටේ සමස්ත බදු ආදායමින් 85%ක් වාර්ෂිකව ගෙවනු ලබන්නේ මෙම බදු ගෙවන්නන් 550 විසිනි. එය රුපියල් බිලියන 250ක් (රු.කෝටි විසිපන්දහසක්) පමණය. මෙම බදු ගෙවන්නන් බදු දැලෙන් රිංගා යා නොදී නිසි ලෙස බදු අයකිරීම නව කාර්යාංශයේ කාර්යභාරයයි.

දැනටමත් මෙම අංශය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් තෝරාගෙන තිබේ.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01