2020 ජුලි 25 වන සෙනසුරාදා

කුඩු කැප්ටන්ලාගේ මිලියන 900ක් වාෂ්ප වෙලා

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

I ගයාන් ගාල්ලගේ

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී මිලියන 900ක පමණ මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

එම මුදල් සංසරණය වී ඇතත්, ඒවා එළියට ගෙන කිනම් පුද්ගලයන් හරහා කිනම් ස්ථානවලට ගොස් ඇතිද යන්න තොරතුරක් නැති බව හෙතෙම සඳහන් කළේය.

එසේම ඊට අමතරව මිලියන 200ක පමණ නිශ්චල දේපළද මේ වනවිට සොයාගෙන ඇති බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් ඒ සියල්ල රාජසන්තක කිරීමට තීරණය කර තිබේ.