I ජයන්ත සමරකෝන්
බන්ධනාගාරවල සිදුකරන වැටලීම්වලින් මෙතෙක් අත්අඩංගුවට ගනු ලැබූ ජංගම දුරකතන මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් භාණ්ඩ නිසි ක්‍රමවේදයකට අනුව, විනාශකර හෝ පොලිසියට භාරදීමක් හෝ සිදුවී නැතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ අනුව මෙම තහනම් භාණ්ඩවලට කුමක් සිදුවූයේද යන්න කිසිවෙකුත් නොදන්නා බවද පැවසේ. අත්අඩංගුවට ගන්නා මෙම මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් භාණ්ඩ ඇතැම් අවස්ථාවල බන්ධනාගාර විනය අංශයේ ලාච්චුවල දමා තිබී ඇතැයිද පැවසේ.
බන්ධනාගාර බුද්ධි අංශ අත්අඩංගුවට ගන්නා මත්කුඩු ඇතුළු තහනම් ද්‍රව්‍ය පමණක් අදාළ ආයතනවලට භාරදී ජංගම දුරකතන බුද්ධි අංශ භාරයේ තබා පරීක්ෂණ සිදුකරන බවද දැනගන්නට තිබේ.
මේ පිළිබඳව කරන ලද විමසුමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා තමා පත්වීමෙන් පසු අත්අඩංගුවට ගන්නා සියලුම තහනම් භාණ්ඩ පොලිසියට භාරදීමට උපදෙස් දී ඇති බව කීය.