මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්යාම ශ්‍රී ලාංකික ඡන්ද දායකයන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රඥප්තිය අනුව නිසි කලට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් එසේ නොකිරීමෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රඥප්තිය උල්ලංඝණය කිරීමක් සිදුවන බවත් ඔහු දැඩි ලෙස අවධාරණය කර ඇත.
මැතිවරණය කල්යාම ඇතුළු කාලීන දේශපාලන කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම පිළිගත් පක්ෂවල ලේකම්වරැන් සහ පක්ෂවල නියෝජිතයන් සමඟ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවේදී සභාපතිවරයා මෙම ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී පැමිණි සියලු පක්ෂ නියෝජිතයන් පවසා ඇත්තේ ඔවුන්ගේ පක්ෂද දැඩි ලෙස මේ සම්බන්ධයෙන් කලකිරී සිටින බවය. විශේෂයෙන් බිම් මට්ටමෙන් පරිපාලන කටයුතු පවා අවුල් සහගත වී ඇති බව ඔවුන් පෙන්වා දී තිබුණි.
ගයාන් ගාල්ලගේ l