2020 ජුලි 18 වන සෙනසුරාදා

ප්‍රසන්නගේ නඩු කතාවෙන් ශ්‍රීලනිපයේ පිපිරීමක්

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

I ගයාන් ගාල්ලගේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එරෙහිව ප්‍රසන්න රණතුංග මහතා විසින් සිදුකරන විවේචනයන්ට එරෙහිව පක්ෂය විසින් අධිකරණයට යාමට තීන්දු කිරීම ගැන තමන් විරුද්ධ බවත් ඒ සම්බන්ධයෙන් තම ස්ථාවරය දැනුම්දුන් බවත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දේශයට පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා විශාල මනාප සටනක සිටින බවත් ඒ නිසා මෙවැනි ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශවලට එරෙහිව පක්ෂයක් ලෙස අධිකරණයට යාම කිසිසේත් නොකළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපතිවරයා ලෙස ගිවිසුම් ගතව ඇත්තේ පක්ෂයේ ඉහළ නායකයන් සමඟ නිසා එක් එක් අපේක්ෂකයන්ගේ ප්‍රකාශ වලට පිළිතුරු නොදිය යුතු බව දුමින්ද දිසානායක මහතා කීය.