2020 ජුලි 18 වන සෙනසුරාදා

ක්‍රෙඩිට් කාඩ් පොලිය අඩුකර නෑ

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

| යසවර්ධන රුද්රිගු

ක්‍රෙඩිට් කාඩ්වල පොලිය සියයට 15 දක්වා අඩු කරන බව රජය නිවේදනය කළ ද, ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් ඒ සඳහා අවශ්‍ය උපදෙස් වාණිජ බැංකුවලට නිකුත් කර නොමැති වීම නිසා තවමත් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවලින් නිකුත් කරන ක්‍රෙඩිට් කාඩ්පත්වල පොලිය සියයට 28 පරාසය තුළ පවතී.

ණය පොලිය සියයට 4 දක්වා අඩු වූ අතර ක්‍රෙඩිට් කාඩ් පොලිය ද එයට සාපේක්ෂව අඩුවිය යුතු නමුත් තවමත් එය සිදු නොවී තිබීමෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

එසේම මාස දෙකක් පමණ ණය වාරික අය නොකිරීමට ආණ්ඩුව ගත් තීරණය ඇතැම් සමාගම් ක්‍රෙඩිට් කාඩ් හිමියන් උදෙසා ක්‍රියාත්මක නොකරන බවද දැනගන්නට තිබේ.

කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා 4% වාර්ෂික පොලියට ණය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දුන්නද, මේ වන විට ද බොහෝ බැංකුවල එලෙස අඩු පොලියට ණය නිකුත් කරන්නේ මන්දගාමී ස්වරූපයෙන් බව වාර්තා වේ. එයට හේතුව බැංකු සාමාන්‍යයෙන් ණය නිකුත් කරන ක්‍රමවේදය එලෙසම ක්‍රියාත්මක කරන අතර ඒ අනුව බැංකු ඉල්ලන කොන්දේසි සපුරාලීමට ණය ඉල්ලුම්කරුවන්ට දුෂ්කර වීමය.