2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

සිංගප්පූරුවෙන් ගෝඨාට ඇරියුම්

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 274


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරු රජය විසින් කරන ලද ආරාධනයක් අනුව උසස් අධ්‍යාපන පාඨමාලාවක් හැදැරීම සඳහා පසුගියදා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. 

ඒ අනුව ඔහු ආරක්ෂක හා විදේශ සබඳතා පිළිබඳව එරට රාජරත්නම් විශ්ව විද්‍යාලයේ විශේෂ පාඨමාලාවක් හැදෑරීමට නියමිතය. මෙම අධ්‍යාපන කටයුත්ත සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරැවට පැමිණෙන ලෙස මෙයට කලකට පෙර ආරාධනා කළේ එරට අභ්‍යන්තර කටයුතු හා නීති අමාත්‍ය එස්. ෂන්මුගම් මහතාය. එහෙත් පැවති නීති කටයුතු කිහිපයක් නිසා ඔහු මේ ආරාධනාව බාරගැනීමට ප්‍රමාද විය.

l සංජීවිකා සමරතුංග