2020 ජුලි 11 වන සෙනසුරාදා

ගල් අරක්කු බෝතලයෙන් රුපියල් දාහක බදු

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

I යසවර්ධන රුද්රිගු

රුපියල් 1640ක් මිල වන ගල් අරක්කු මිලිලීටර් 750 බෝතලයක් සඳහා රජය බදු වශයෙන් අයකරන මුදල රුපියල් 1000ක් පමණ වන බව දැනගන්නට තිබේ. රුපියල් 830ක සුරා බද්දක් සුරා බදු දෙපාර්තමේන්තුව බෝතලයකට අයකරන අතර, වැට් බද්ද ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් 120ක් අය කරයි. මේ බදුවලට අමතර වශයෙන් 28%ක ආදායම් බද්දක් ද අය කෙරේ.

මේ අනුව පෙනී යන්නේ නිෂ්පාදන ලාභය ද සමඟ බදු රහිතව අරක්කු බෝතලයක් අලෙවි කළ හැකි මිල රුපියල් 640ක් බවය.

සෙසු මත්පැන් බෝතල්වල බදු මුදල ද එහි මිල අනුව ඉහළ යනවා ඇත.

මත්පැන්, රජය ආදායම් ලබන ප්‍රධාන මාර්ගයක් වන අතර 2019 වසරේ සුරා බදු දෙපාර්තමේන්තුව ලැබූ බදු ආදායම රුපියල් බිලියන 120කි. පසුගිය කොවිඩ් 19 වසංගතය නිසා සුරාසල් වසා දමා දින 68කට පසුව යළි විවෘත කිරීමෙන් අනතුරුව මුල් දින 15 තුළ රජය ලැබූ ආදායම රුපියල් කෝටි 200ක් හෙවත් රුපියල් බිලියන 2කි.