2020 ජුනි 20 වන සෙනසුරාදා

මාස 3ක් නොගත් තීන්දු මහ බැංකුව පැයෙන් ගනී

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

I ව්‍යාපාරික වාර්තාකරු

කොරෝනා ව්‍යසනයෙන් අඩාල වූ ආර්ථිකය නගාසිටුවීමට ව්‍යාපාර සමාගම්වලට සහන ණය සපයන ලෙස මාස තුනක් තිස්සේ රජය කළ දැනුම්දීම නොසලකා හැර සිටි ශ්‍රී ලංකා මහ බැංකුව ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු පැයක් තුළ සියලු තීන්දු තීරණ ගෙන අවශ්‍ය සහන කටයුතුවලට අනුමැතිය දුන්නේය.

ජනාධිපතිවරයා මහ බැංකුවට පැය 24 ක් කල් දෙමින් දේශනය කළ ගිය අඟහරුවාදා සවස 6.00ට මහ බැංකුව මගින් පාලනය කෙරෙන මුදල් මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා එදින රාත්‍රී 7.00 වන විට සියලු තීරණ ගෙන හමාර කළේය. මාස තුනක කාලයක් කොරෝනා සහන ණය නිකුත් කිරීමට නොහැකි හේතු ඉදිරිපත් කරමින් සිටි මහ බැංකු ප්‍රධානීන් වහාම ආරම්භක වශයෙන් කුඩා ව්‍යාපාරවලට රුපියල් මිලියන 25 ක් දක්වා 4% පොලියට සහන ණය නිකුත් කරන ලෙස බැංකුවලට නියම කළ අතර එම කටයුතු වාණිජ බැංකු විසින් බදාදා සිටම ආරම්භ කළේය.