2020 ජුනි 20 වන සෙනසුරාදා

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 15ක් කරයි

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

I අධිකරණ වාර්තාකරු

මේ වන විට 11 දෙනකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල 15 දක්වා වැඩි කිරීමට රජය තීන්දු කර තිබේ. ඒ අනුව මහ මැතිවරණයෙන් පසු සිදුකෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙම වෙනස්කම කිරීමට නියමිත බව රජය කියයි.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩගැසී තිබෙන අධික නඩු සංඛ්‍යාව ගැන සලකා මෙම තීරණය ගෙන තිබේ. ආණ්ඩුවේ ප්‍රධානීන් මේ ගැන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ද අදහස් විමසා ඇති අතර අගවිනිසුරුවරයා ඊට එකඟත්වය දැක්වූ බව සඳහන්ය. ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවුවද ඊට සාපේක්ෂව අභියාචනාධිකරණයේ (ඇපැල් උසාවියේ) විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ දැමීමට මෙතෙක් තීන්දු කර නැත.