ගයාන් ගාල්ලගේ I
පක්ෂය තුළ සිටිමින් වෙනත් පක්ෂවල කොන්ත්රාත් කරන පිල්ලි කිහිපයක් ඉදිරියේදී පක්ෂයෙන් ඉවත් කරන බව ශ්රිලනිප මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා “දේශයට” පැවසීය.
මේ පිරිසගේ අරමුණ පක්ෂය විනාශ කිරීම බවත් ඔවුන් වෙනත් පක්ෂයක් විසින් පක්ෂය තුළට එවන ලද පිල්ලි බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉදිරියේදී ඔවුන්ට විනය ක්රියාමාර්ග සිදුකර පක්ෂයෙන් ඉවත් කරන බව මන්ත්රීවරයා කීය.