2020 මැයි 16 වන සෙනසුරාදා

ආණ්ඩුවේ ආදායම බාගෙට බසී

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 270

ව්‍යාපාරික වාර්තාකරු I

පසුගිය අප්‍රේල් මාසයේ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 64ක් දක්වා විශාල ලෙස පහත වැටී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

සාමාන්‍යයෙන් මාසයකට රජය ලබන ආදායම රුපියල් බිලියන 150ත් 160ත් අතර වෙයි. අප්‍රේල් මස ආදායම විශාල ලෙස අඩුවීමට දැඩි ලෙස බලපා ඇත්තේ වැට් බදු ආදායම් බදු හා අපේක්ෂිත රේගු බදු සහ සුරාබදු නොලැබී යාම බව වාර්තා වෙයි.

මෙම රාජ්‍ය ආදායම මාසික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමටවත් ප්‍රමාණවත් නැත. රජයේ මාසික වැටුප් බිල රුපියල් බිලියන 72ක් පමණය. ඊට අමතරව මේ කාලයේ ආදායම නොලබන ලංගමය, දුම්රිය දෙපාර්තමේන්තුව, සතුන්වත්ත ආදී ආයතනවල සේවක වැටුප් සඳහාද රජය තවත් රුපියල් බිලියන 8ක් වැය කරයි. සියල්ල එක්වූ විට මාසික වැටුප් බිල රැපියල් බිලියන 80කි. ආදායම බිලියන 64කි.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01