2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

මාධ්‍යවේදීන් නැතිව ජිවිපෙ වාර්තාගත මාධ්‍ය හමුවක

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 49

දේශපාලන වාර්තාකරු I

කොරෝනා වෛසරය පැතිරීමෙන් සමාජයේ දැඩි අවදානමක් හටගෙන තිබෙන නිසා මාධ්‍යවේදීන් නොකැඳවා මාධ්‍ය හමුවක් තැබීමට ජනතා විමුක්ති පෙරමුණ පසුගිය පළමුවැනිදා ක්‍රියා කළේය.

මාධ්‍යවේදීන් නැති මාධ්‍ය හමුව මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ වාර්තාවකි. මෙම මාධ්‍ය හමුවට පෙර ජ.වි.පෙ. මාධ්‍ය අංශය මාධ්‍ය ආයතනවලින් ඔවුන් විමසන ප්‍රශ්න ඊමේල් මගින් ගෙන්වාගෙන තිබිණි. අනතුරුව එම ප්‍රශ්නවලට ජ.වි.පෙ. මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා පිළිතුරු දුන්නේය. මෙම මාධ්‍ය හමුව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.

මෙලෙස වාර්තාගත මාධ්‍ය හමුවක් තැබීමට ඔවුන් තීන්දු කළේ මාධ්‍ය හමුව සඳහා මාධ්‍යවේදීන් විශාල පිරිසක් තම කාර්යාලයට කැඳවීමෙන් ඔවුන් අවදානමකට ලක්වන නිසා බව ජ.වි.පෙ. මේ ගැන කරුණු පැහැදිලි කරමින් කියා තිබිණි.
ජ.වි.පෙ. මහ ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ ආණ්ඩුව කොරෝනා ඇඳිරි නීතිය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නිසි යාන්ත්‍රණයක් සකස් කරන්නේ නම් දේශපාලන බේද අමතක කර එය ක්‍රියාවට නංවන්නට මැදිහත්ව උදව් කරන බවය.