2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

ආචාර්ය මහාචාර්යවරුන් රැසක් ජාතික ලැයිස්තුවල

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 83

දේශපාලන වාර්තාකරු  I

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනම ඉදිරිපත් කොට තිබෙන ජාතික ලැයිස්තු අපේක්ෂක නාමලේඛනවල වෙන කවරදාටත් වඩා ආචාර්යවරැන්, මහාචාර්යවරුන් ජනාධිපති නීතිඥවරැන් හා වෘත්තිකයන්ගේ නම් ඇතුළත්ව තිබීම විශේෂයකි.

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ ආචාර්ය, මහාචාර්යවරැන් හය දෙනෙකි. ආචාර්ය, මහාචාර්යවරුන් හය දෙනෙකි. මහාචාර්ය ජී.එල්. පීරිස්, රංජිත් බණ්ඩාර, රෝහණ ලක්ෂ්මන් පියදාස, තිස්ස විතාරණ හා ආචාර්ය සුරේන් රාඝවන් යන නම් ඇතුළත්ය. එහි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්‍රි, ජයන්ත වීරසිංහ හා පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ නම්ද සඳහන්ය. විශේෂඥ වෛද්‍යවරුන් වන සීතා අරඹෙපොල හා ජී. වීරසිංහ යන මහත්ම මහත්මීන්ද හිටපු මහ බැංකු අධිපති අජිත් කබ්රාල් හා දේශපාලන විශ්ලේෂක ගෙවිඳු කුමාරණතුංගගේ නමද පොහොට්ටු ජාතික ලැයිස්තුවේ ඇතුළත්ය.

එ.ජා.ප.යේ (රනිල් පිල) ඉදිරිපත්කර තිබෙන ජාතික ලැයිස්තුවේ ආචාර්ය මහාචාර්යවරුන් අට දෙනෙකි. මහාචාර්ය ආශු මාරසිංහ, එච්.ඩබ්. සිරිල්, එම්.ඕ.ඒ. ද සොයිසා, ප්‍රිශාන්ත ගුණවර්ධන, කෙනඩි ගුණවර්ධන, ප්‍රසන්න පෙරේරා, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු හා ආචාරිණී මරීනා ආබ්දීන්ද එහි නම් ඇතුළත් ආචාර්ය මහාචාර්යවරු වෙති.

එම ලැයිස්තුවේ ජනාධිපති නීතීඥවරුන් ගණනාවක්ද වෙති. ජනාධිපති නීතිඥ තිලක් මාරපන, දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා හා නිශ්ශංක නානායක්කාර එම ජනාධිපති නීතිඥවරුය.

දුරකතනය ලකුණින් තරග කරන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ස්ථාපිත සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවේද ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකි. ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ගුණරත්න වන්නිනායක හා නිෂාම් කාරියප්පර් එම තිදෙනා වෙති. මහාචාර්ය මහීම් මෙන්ඩිස් හා ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් යන සරසවි ආචාර්යවරැන් දෙදෙනාද මොණරාගල හිටපු මහ දිසාපතිනි ඩී.කේ. පද්මකුලසූරිය මහත්මියත් රෑපවාහිනියේ හිටපු සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මියත් ජාතික ලැයිස්තුවේ සඳහන් වෙනත් වෘත්තිකයන් අතර වෙති.