2020 මාර්තු 14 වන සෙනසුරාදා

ඡන්දය ගැන තීන්දු ගන්න තීරණාත්මක හමුවක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 483

හසිත් අංජන l

ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් - 19 රෝගීන් පස්දෙනෙකු මෙරටින් හමුවීමත් සමඟ ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීන්දු ගැනෙන තීරණාත්මක සාකච්ඡාවක් හෙට (16 වැනි සඳුදා) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වේ. 

එම සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු කොමිසමේ සියලු සාමාජිකයන් සහභාගි වන බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු (දේශය)ට පැවසීය. 

පවතින තත්ත්වය අනුව මහ මැතිවරණය කල් දැමීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැත. එවන් තීරණයක් ගන්නේ නම් එය ව්‍යවස්ථානුකූලව සිදුකළ හැක්කේ ජනාධිපතිවරයාට පමණි. 

කොවිඩ් - 19 වසංගතය පිළිබඳ වාතාවරණය අයහපත් නම් ඒ සම්බන්ධව ජනාධිපතිවරයාට උපදෙස් දීමේ බලය මැතිවරණ හා සෞඛ්‍ය බලධාරීන්ට හිමිවන බැවින් හෙට පැවැත්වෙන සාකච්ඡාව ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇතැයි සඳහන් වේ.