කොරෝනා රෝගීන් 5ක්
ගයාන් ගාල්ලගේ l
කෝවිඩ් - 19 (කොරෝනා) වෛරසය ආසාධිත වූ ශ්‍රී ලාංකිකයින් 5 දෙනකු පසුගිය සිකුරාදා රාත්‍රිය වනවිට වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා තහවුරු කර තිබේ.
ඒ අනුව සිකුරාදා උදෑසන වන විට සංචාරක මඟ පෙන්වන්නා සහ ඔහුගේ සහායකයකු හඳුනාගෙන තිබූ අතර සිකුරාදා රාත්‍රියේ තවත් ආසාධිතයන් තිදෙනෙකු අලුතින් හඳුනාගැනීමට හැකි වූ බව ජාසිංහ මහතා තහවුරු කළේය.
ඒ අනුව මෑතකදී ජර්මනියේ සංචාරය කළ අයෙකු අයි.ඩී.එච්. රෝහලින්ද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි දෙදෙනකුද සිකුරාදා රාත්‍රියේ හඳුනාගෙන තිබිණි. ඔවුන්ව දැඩි ආරක්ෂාව මැද ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
කොරෝනා මඩින්න කෝටි 500
- මුදල් ලේකම්
දේශපාලන වාර්තාකරු l
කොරෝනා වසංගතයෙන් රටට දැඩි පීඩාවක් ඇතිවුවහොත් වැය කිරීමට රජයේ හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි 500ත් (බිලියන 5ක්) වෙන්කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා දේශයට කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දැනටමත් හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මූලික පහසුකම් වෙනුවෙන් රුපියල් කෝටි 20ක් මෙයින් ලබාදුන් බව පැවසූ ලේකම්වරයා ඉදිරියේදී අවශ්‍ය වන සියලු මුදල් රජයේ හදිසි අවස්ථා අරමුදල මාර්ගයෙන් කඩිනමින් නිදහස් කෙරෙන වග ප්‍රකාශ කළේය.