දේශපාලන වාර්තාකරු l
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් සංස්කරණය කරන ලද “අපේ සටන” කාටුන් ඇසින් නම් ග්‍රන්ථය මාර්තු මස 12 දින (බ්‍රහස්පතින්දා) සවස 3.00ට ජනගත කෙරේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වෙයි. විද්වතුන්, කලාකරැවන් සහ මැති ඇමැතිවරුන් රැසක් මෙම උත්සවයට ආරාධනා ලැබ සිටිති.
2015 – 2019 කාලයේ පැවති දේශපාලන තත්ත්වය වෙනස් කිරීමට කරන ලද දේශපාලන අරගලය උදෙසා විවිධ කාටුන් ශිල්පීන් විසින් අඳින ලද කාටූන් මෙම ග්‍රන්ථයේ සංග්‍රහ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දේශයට පැවසීය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු කාටුන් පොතක් සංස්කරණය කළ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වෙයි.