2020 මාර්තු 07 වන සෙනසුරාදා

පොහොට්ටුවේ මහ රැස්වීම් සීමා කෙරේ

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

I දේශපාලන වාර්තාකරු

පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක රැලි පියවර තුනකින් සංවිධානය කෙරෙන බව දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

දිවයිනේ දිස්ත්‍රික්ක සියල්ල කොටස් තුනකට බෙදා ජනාධිපතිවරයා අමතන මහජන රැලි සංවිධානය කිරීමට තීන්දු කර තිබේ. ඒ අනුව විශාල දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත්තේ කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ මහනුවරයි. එම එක් දිස්ත්‍රික්කයක ජනාධිපතිවරයා සහභාගි වන රැලි 4ක් ප්‍රධාන නගර 4ක පැවැත්වෙයි. කුඩාම දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබෙන මොණරාගල, පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල එක් දිස්ත්‍රික්කයකට ජනාධිපතිවරයා සහභාගි වන ජනරුලි එකක් සඳහා ඉඩකඩ ලබාදී තිබේ. සෙසු දිස්ත්‍රික්ක 17 එක් දිස්ත්‍රික්කයකට ජනාධිපතිවරයා සහභාගි වන මහජන රුලි දෙක බැගින් ලබාදීමට මැතිවරණ සංවිධාන කමිටුව තීන්දු කර ඇත.