2017 මාර්තු 25 වන සෙනසුරාදා

හිරවුණ ගැසට් එකට අනුමැතිය:

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

| දේශපාලන වාර්තාකරු

මෙතෙක් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී නැති යුද සමයේ අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රය සංශෝධන සහිතව අනුමත කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇතැයි වාර්තාවේ. මෙහි සඳහන් ඇතැම් වගන්ති සම්බන්ධව ආරක්ෂක හමුදාවලින් මෙන්ම තවත් සංවිධාන ගණනාවකින් ජනාධිපති කාර්යාලය වෙත යෝජනා ඉදිරිපත්ව තිබේ.

යුද සමයේ අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් නඩු පවරා නීතිමය අංශයෙන් සහන සැලැසීම, අතුරුදන්වූවන්ගේ පවුල්වලට වන්දි පිරිනැමීම, 1971 හා 1989 දකුණේ සන්නද්ධ අරගලවලින් අතුරුදන් වූ අයටත් සහන සැලැසීම වැනි කාරණා ගැන රජයට අලුත් යෝජනා ගණනාවක් ඉදිරිපත්ව තිබේ. මෙම යෝජනාද සලකා නව ගැසට් පත්‍රයක් සකස් කිරීමට ජනාධිපති කාර්යාලය විදේශ අමාත්‍යංශයට උපදෙස් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.