දේශපාලන වාර්තාකරු l
වතු කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රථම වරට සිය පක්ෂයෙන් නැගෙනහිර පළාතටත් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැරසෙන බව වාර්තා වෙයි.
මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දෙමළ සන්ධානයෙන් තේරී පත්ව පසුව රජයට සහය දෙමින් සිටින එස්. වියාලේන්ද්‍රන් මහතාට මඩකලපුවේ වතු කම්කරු කොංග්‍රස අපේක්ෂකයා වන ලෙස දැනටමත් ආරාධනා කර ඇතැයි වාර්තා වෙයි.
බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුරය යන දිස්ත්‍රික්කවලට ද වතු කම්කරු කොංග්‍රසය තරග කිරීමට නියමිතය.