රජය තම වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිණිස ලෝකයේ රටවල් ගණනාවක රෝඩ් ෂෝ පවත්වා තිබේ.
පසුගිය දෙසතිය තුළ මෙම රෝඩ් ෂෝ පවත්වා ඇත්තේ සිංගප්පුරුව, අමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, හොංකොං හා ඩුබායි යන රටවලය.
අමෙරිකානු ඩොලර් මිලියන 1500න් පමණ රෝඩ් ෂෝ මගින් උපයා ගැනීමට රජය අපේක්ෂා කළේය. මේ කටයුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් අදාළ රටවලට ගොස් ආයෝජකයන් මුණගැසී අපේ රෝඩ් ෂෝ වෙත පැමිණ තමන්ගේ ආයෝජන ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස යෝජනා ඉදිරිපත් කර තිබුණි.
I සංජීවිකා සමරතුංග