
ඉදිරි සති දෙකක් තුළ ප්‍රසිද්ධ ස්ථානයන්හි කසළ බැහැර කරන්නන් හට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නගර සභා කිහිපයක නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී පැවසීය. කොළඹ නගරය තුළ පරිසර පද්ධතිය අපිරිසිදු වන සේ කසළ බැහැර කරන ඕනෑම පුද්ගලයකුට දැඩි පියවර ගැනිමට කටයුතු කරන බවත් එහිදී සඳහන් කළේය.
කොළඹ නගරය තුළ විධිමත් කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම හේතුකොට මේ දිනවල උද්ගතව තිබෙන පරිසර අපිරිසිදුතාවය නිසා ජනතාව මුහුණ දී තිබෙන ගැටළුකාරී තත්වයෙන් මුදවා ගැනීමට පිළියම් ලෙස ප්‍රසිද්ධ ස්ථානයන්හි කසළ බැහැර කිරීම නොකරන ලෙස අවවාදාත්මක පුවරු ස්ථාපනය කිරීම, අවිධිමත් කසළ බැහැර කරන්නන් හඳුනා ගැනීමට විශේෂ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීම, යහපත් කසළ බැහැර කිරීමේ චර්යා පද්ධතියක් සමාජ ගතකිරීමේ මාධ්‍ය ප්‍රචාරණයක් සිදුකිරීම ආදිය කෙරෙහිද අවධානය පළාත් පාලන අමාත්‍යංශය යොමු කර තිබේ.
| සකීෆ් සාම් තන්වීරි