2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව කල් දමන්න ජිනීවා සමුළුවට රජයෙන් ඉල්ලීමක්

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:29 343

දේශපාලන වාර්තාකරු l

ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන නිසා මේ වසරේ එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුළුවේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා කල් දමන ලෙස එ.ජා. මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටීමට රජය සැලසුම් කරමින් සිටී.

එ.ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව සලකා බැලීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මාසයේ සැසිවාරයේදීය. නව රජයට මෙහිදී චෝදනා එල්ල කිරීමට දැනටමත් කොටි ඩයස්පෝරාව සැලසුම් කර ඇතැයි ජිනීවා නුවරින් ලැබෙන ආරංචි මාර්ග කියයි.

මැතිසබය ලබන මාර්තු මස මුලදී විසුරුවා හැරෙන නිසා නීත්‍යානුකූලව ආණ්ඩුවක් පත්වන තුරු භාරකාර ආණ්ඩුවකට ජිනීවා යෝජනා ගැන තීන්දුවක් ගත නොහැකි බැවින් එම යෝජනාව ඊළඟ සැසිවාරය තෙක් කල් දමන ලෙස රජය ඉල්ලා සිටිනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01