2019 නොවැම්බර් 22 වන සිකුරාදා

උදය ගම්මන්පිල ඇමැතිකම තෑගි කරයි

 2019 නොවැම්බර් 22 වන සිකුරාදා, ප.ව. 12:30 143

දේශපාලන වාර්තාකරු Ι

අන්තර්වාර ආණ්ඩුවේ සීමිත කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී හටගෙන තිබෙන පීඩනය නිසා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මුහුණ දී සිටින අති දුෂ්කර තත්ත්වය හේතුවෙන් තමන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ කිසිදු තනතුරක් භාර නොගැනීමට තීන්දු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ලිඛිතව දැනුම් දුන්නේය.

කැබිනට් මණ්ඩලය දිව්රුම් දීමට පෙරදා මන්ත්‍රී ගම්මන්පිල මෙම ලිපිය භාරදී ඇත. එමගින් ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ ආණ්ඩුව තුළ හිටපු කැබිනට් අමාත්‍යවරුන් 38 දෙනකු තනතුරු අහිමිව සිටින බවය. එසේම තවත් දිස්ත්‍රික් නායකයන් ගණනාවක්ද තනතුරු අපේක්ෂාවෙන් සිටිති. එබැවින් ගැටලු සහගත තත්ත්වයක් තුළ පිවිතුරු හෙළ උරුමයේ නායකයා ලෙසත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙසත් රාජ්‍ය නායකයන් මුහුණ දී සිටින පීඩනය තරමකට හෝ අඩු කිරීම පිණිස මෙම තීන්දුව හිතට එකඟව ගත් බවද ඔහු සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.