I ව්‍යාපාරික වාර්තාකරු
සුඛෝපභෝගී වාහන වෙනුවෙන් අයකරන සුපිරි වාහන බද්ද (ලක්ෂරි ටැක්ස්) රුපියල් ලක්ෂ 35ට වැඩි වටිනාකමක් ඇති වාහන සඳහා ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම වර්ගවලට අයත් ඩබල් කැබ් රථ හැර සෙසු වාහන වර්ගවල මිල ගණන් විශාල ලෙස ඉහළ යන බව දේශයට වාර්තා වෙයි.
කලින් මෙම බද්ද අය කළේ සිලින්ඩර ධාරිතාව සී.සී. 1800ට වැඩි වාහන සඳහා පමණි. නමුත් පසුගිය සතියේ සම්මත කරන ලද නව මුදල් රෙගුලාසි අනුව වාහනයේ වටිනාකම මත (සී.අයි.එෆ්. වටිනාකම) බද්ද අයකිරීමට තීන්දු කර ඇත. මේ අනුව රුපියල් ලක්ෂ 50ක් වටිනා පෙට්‍රල් වාහනයක් මිලට ගැනීමේදී රුපියල් ලක්ෂ 35ක් බද්දෙන් නිදහස් වන අතර වැඩිවන රුපියල් ලක්ෂ 15ට බදු මුදල ලෙස තවත් රුපියල් ලක්ෂ 15ක් එකතුවෙයි. ඒ අනුව රුපියල් ලක්ෂ 50ට කලින් අලෙවි කළ වාහනයක මිල රුපියල් ලක්ෂ 65ක් දක්වා ඉහළ යයි. මෙයට අමතරව වාහන ආනයනයේදී පනවා තිබෙන නිෂ්පාදන බද්දද ඊට එකතු කෙරේ.
නව බද්ද අය කරන්නේ ලක්ෂ 35ට වඩා වැඩි පෙට්‍රල් වාහන සඳහා සියයට සීයක් (100%) ඩීසල් වාහන නම් සියයට එකසිය විස්සක් (120%) හයිබ්‍රිඩ් වාහනයක් නම් සියයට අසූවක් (80%) විදුලියෙන් ක්‍රියාකරන වාහනයක් නම් සියයට හැටක් (60%) වශයෙනි.
දැන් මෙම බදු අනුපාත මැතිසබයෙන් සම්මත වී ඇති අතර ළඟදීම ගැසට් මගින් එය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. ලබන අප්‍රේල් දක්වා කලින් ඇණවුම් කර තිබෙන වාහන සඳහා පැරණි බදු ක්‍රමයම අනුගමනය කිරීමටද රජය තීරණය කර තිබේ.