I දේශපාලන වාර්තාකරු
ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතාට මන්ත්‍රීවරයකු ලෙස මැතිසබයට පැමිණීමට ඉඩ ලබා ගැනීම සඳහා ශ්‍රී.ල.නි.ප ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ඩිලාන් පෙරේරා මෙතෙක් පිළිගෙන නැත.
පසුගියදා ඩිලාන් පෙරේරා තම කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා තමන්ට මැතිසබයට පැමිණීම සඳහා පත්කළ මන්ත්‍රී තනතුරින් ඉවත් වන ලෙස ඔහුට දැනුම් දුන්නේය. ඔහු එම තනතුරින් ඉවත් වුවහොත් ඌව පළාත් ආණ්ඩුකාර පදවිය ලබාදෙන බව ද ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ.
ඩිලාන්ට එම අවස්ථාව ලබාදීම පිණිස දැනට ඌව ආණ්ඩුකාර ධූරය දරන මෛත්‍රී ගුණරත්න මහතාට තනතුරින් ඉවත් වන්නැයි ජනාධිපති කාර්යාලය දැනටමත් දන්වා තිබේ.
එහෙත් ඩිලාන් පෙරේරා මහතා මේ ගැන ස්වකීය අවසන් තීරණය ජනාධිපතිවරයාට දන්වා නැත්තේ ලබන 17 දායින් පසු පත්වන නව ජනාධිපතිවරයා අලුතෙන් පළාත් ආණ්ඩුකාරවරැන් පත්කිරීමට නියමිත බව කියමිනි.