2017 මාර්තු 11 වන සෙනසුරාදා

බැසිල්ට තිරූට ගම්පහිනුත් අධිචෝදනා

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 191

 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් යන මහත්වරුන්ට ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍රයක් තිබේ.

මල්වානේ ඉඩමක නිවසක් ඉදිකිරීමේදී රුපියල් මිලියන 250ක මුදලක් විශුද්ධිකරණය ඊට අනුබලදීම හා කුමන්ත්‍රණය යන චෝදනා බැසිල්ට හා තිරුකුමාර් නඩේසන්ට එල්ල කර ඇතැයි වාර්තා වේ. මෙහිදී චෝදනා ලබන තිරුකුමාර් නඩේසන් මහතා හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියාය.

I අධිකරණ වාර්තාකරු